මේ මල් පාර දිගේmee mal paara dhigee

Me Mal Para Dige

Lyrics

මේ මල් පාර දිගේ එන්න සමදරා
සිත් මල් යාය පිපී ඉන්න සමදරා
(තුන් යාමේ... ඔබ සිහි වේ...//)
මේ මල් යාය පිපී එන්න සමදරා

(මට බහ දුන් දා ඉහ මල් පිපුනා
නිල් වන් ගුවනේ රූසිරි මැවුනා...//)
නිල් වන් ගුවනේ රූසිරි මැවුනා

මේ මල් පාර දිගේ....

(රන් දම් පළඳා අත කර සරසා
අප දිවි දැ‍හැනේ බැදෙමූ සැමදා...//)
අප දිවි දැ‍හැනේ බැදෙමූ සැමදා

මේ මල් පාර දිගේ....//

මේ මල් යාය පිපී එන්න සමදරා
මේ මල් යාය පිපී එන්න සමදරා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.