මේ මගෙන් සෙවූ සෙනේmee magen sewuu senee

Me Magen Sewu Sene

Music:
උදාර සමරවීරudhaara samarawiira
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

මේ මගෙන් සෙවූ සෙනේ නොලැබෙනා බව දැනත්
මේ තරම් මට ළං වෙලා ඉන්නේ ඇයිදෝ කියන්
ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි
ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්...

පපු ගැඹුරේ උන් හිස තියා උන්නා හොරා ළං වෙලා
මගේ පණ හැර යන්නෙපා කියා කිව්වත් ඔයා
ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි
ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්...

නෙතු කඳුළු සඟවා තියා යන්න දෙහදට හොරා 
එන භවේ කාටත් කලින් මා පතන්නම් ඔයා
ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි
ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්...

මේ මගෙන් සෙවූ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.