Lyrics
මේ ලොව යම් කිසිවෙකු - මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය - හීන් හඩින් මට කියාවි
මා මළ පසු සොහොන් කොතේ - දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව
නන් නාදුණනා ඔබගේ - නන් නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
අඩ සඳ බැස ගෙන යන සඳ - සීතල අඳුරු රැයක
අඩ සඳ බැස ගෙන යන සඳ - රෑහි හඩන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය - යාන්තමින් මට කියාවි