මේ ලොව ගැඹුරුයිmee lowa gaemburuyi

Me Lowa Gamburui

Music:
ප්‍රදීප් බෝගහවත්තpradhiip boogahawaththa
Lyrics:
නිලාර් N කසීම්nilaar n kasiim

Lyrics

මේ ලොව ගැඹුරුයි අත්ත බිඳෙයි 
පය බුරුලෙන් පුතුනේ
මා සිත සවියයි බිය නොමවෙන් 
යා හැකි දුර බොහොමයි
ඇස ගැටෙනා හැම හැම දේමත් 
සොඳුරු නොවෙයි පුතුනේ
පියාණනේ මා ලොව දුටුවේ 
සිහින ඇසූ හැබැහින්......

තැති ගැහෙනා විට හද පැතුමන් 
සොවෙන් හඩා නොවැටෙන්
මහදේ පැතුම් මල් බිම ඉහිරී 
ඉතිරි වුණේ අදිටන්......

(මේ ලොව ගැඹුරුයි අත්ත බිඳෙයි 
පය බුරුලෙන් පුතුනේ
මා සිත සවියයි බිය නොමවෙන් 
යා හැකි දුර බොහොමයි......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.