මේ ක්‍රෑර ලෝකයෙන්mee kraera lookayen

Me Krura Lokayen

Lyrics

මේ ක්‍රෑර ලෝකයෙන් මිදී
ඔබ වෙතට පලා එන්නම්

හදේ නෙතක් නෑ දයා දියක් නෑ
බැලු බැලු අත කිසි පිළිසරණක්  නෑ
මුළු ලොව රවා ඔරවා බලනා වෙලේ
ඔබ වෙතට පලා එන්නම්

රාගී නෙත් යුග දැල්වේ තැන තැන
සියුමැළි වදනක් ගව් ගණනක නෑ
රණ බිමට වැටී ලොව අවි ගලනා වෙලේ
ඔබ වෙතට පලා එන්නම්


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.