මේ කඳුළු තොටුපලයිmee kandulu thotupalayi

Me Kandulu Thotupalai

Lyrics

මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි...//

මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු..
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු..
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු..
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු..

මේ කඳුළු තොටුපලයි.../

අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු..
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු..
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ..
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු...

මේ කඳුළු තොටුපලයි.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.