මේ ඉර හඳ යටmee ira handa yata

Me Ira Handa Yata

Music:
M R චුලසිංහm r chulasinha
Lyrics:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

Lyrics

මේ ඉර හඳ යට හමු වී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉරහඳ යට හමු වී...

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

මේ ඉර හඳ....

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා

මේ ඉරහඳ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.