මේ හිත හොරා අරන්mee hitha horaa aran

Me Hitha Hora Aran

Lyrics

මේ හිත හොරා අරන් තරු දෑසේ පැටලිලා
රහසෙම ඇති ඔබ උන්නා ආදරය සඟවලා
ආදරය සඟවලා

නෙතට නෙත මුණ ගැහෙනා විටදී හිත ඔබ ඉල්ලා
රහසෙම බල කෙරුවා පෙම් සිහිනේ ඔබ වුණුදා
මගේ පණටත් වඩා ඔබට පෙම් කරන්නම්
අදවත් මට හිමිවේ නම් ඔබෙ ආදරේ
ඔබෙ ආදරේ

හිතට හිත ගැන වටහා ගන්න බැරි ඇයි නොපමා
ඔය තුරුල මට විතරයි මා මියෙනතුරු සැමදා
මගේ පණටත් වඩා ඔබට පෙම් කරන්නම්
අදවත් මට හිමිවේ නම් ඔබෙ ආදරේ
ඔබෙ ආදරේ

මේ හිත හොරා අරන් ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.