මේ හිත....mee hitha....

me hitha

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

මාව සිහි වෙන්නැති නම් ඔබට හැර යන්න හැකි නම්
කොහේද කී ඒ වචන වල තිබුනු පොරොන්දු ඒ පෙරදා
මාගෙමයි කියා මා සිතූ නිසා 
කාටවත් වඩා ඔබට පෙම් කලා
මේ හිත කොයි කවදාවත් නෑ වෙනස්වෙලා
ඔබ වෙනුවෙන් හැමදාමත් ආදරේ තිබුනා//

උන්නු කාලයේ ලගින් ගෙවුනු සෑම මොහොතකින්
සැනසුනා මුලූ හදින් මා ඔබෙන්ම සත්තකින්
ඉන්න බෑ කියා දුරින් කියූ ඔබම දැන් ඉතින්
ඉද්දි ඔහොම ඈතකින් තනි උනා සිතින්
දවසක් ඒවී මතක් වේවී ආයෙමත් මෙමා
තේරේවී කොතැනකම හරී වැරදුනා කියා
මේ හිත කොයි කවදාවත් නෑ වෙනස්වෙලා
ඔබ වෙනුවෙන් හැමදාමත් ආදරේ තිබුනා.......

පැතූ එදා අපෙ නමින් ඒ පැතුම් බිදී ගිහින්
පෑරෙනා හිතේ දුකින් කදුලු පිටඋනේ ඇසින්
ඉන්න කොතැන හෝ ඉතින් ඉන්න පතනවා හොදින්
මා ඇතත් නැතත් ලගින් සෑමදා තුටින්
දවසක් ඒවී මතක් වේවී ආයෙමත් මෙමා
තේරේවී කොතැනකම හරී වැරදුනා කියා
මාව සිහි වෙන්නැති නම්..................

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.