Lyrics
මේ හිම කැට සීත වැස්ස යටින් රිංගා
වැහි බිංදු ගණන් කරමු
රෑ පිනි කැට ගේන සුළං රොදක හැංගී
තරු නිදිද කියා බලමු
වැරදීමෙන් හෝ අප හමු වෙනවා නම්
මේ සුන්දර දේවල් අපේම කර ගනිමු.......
රැයම සුන්දරයි එළි වන්නේ නැතිනම්
එළිය සුන්දරයි අඳුර ලොවේ නැති නම්
ලොවම සුන්දරයි
එක්වු හදවත් වෙන් වන්නේ නැති නම්..
මේ හිම කැට.....
මුහුද සුන්දරයි රළු වන්නේ නැති නම්
හීන සුන්දරයි අවදි උනේ නැති නම්
ලොවම සුන්දරයි
එක්වු හදවත් වෙන් වන්නේ නැති නම්..
මේ හිම කැට.....