Lyrics
(කතාවක් ආයෙමත් මං කියන්නම්
තනිවෙලා ඉන්න වේ නම්
මේ තරම් ආදරෙන්...//)
හිතේ කොනකින් තියා දැන්
ඔබ දුරක අද ගිහින්
ලං වීලා මා උන්නා
වෙනසක් නෑ මට දැනිලා
මේ හීනෙන් ඔබ ඒ නම්
මම ඉන්නම් පාර බලන්
හිතේ හැමදාම රැඳි රැඳී උන් ඔයා
ජන්මයක් ගානේ මගේ කරගන්න මා
මේ ලෝකෙන් එහා
හොඳ තැනක් ඇති නිසා
නොපෙනෙනා තැනක යන්නම ගියා
ලං වීලා මා උන්නා....
ආදරේ තරම කාගෙනුත් හංගලා
වේදනාවෙන්ම දිනෙන් දින පිච්චුනා
මේ ලෝකෙන් එහා
හොඳ තැනක් ඇති නිසා
නොපෙනෙනා තැනක යන්නම ගියා
ලං වීලා මා උන්නා....