මේ ගුරු පාරේmee guru paaree

Me Guru Pare

Lyrics

මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස්‌ ඇත සැඟවීලා
අපේ රහස්‌ ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොළ මත දිදුළන පෙණ පිඬු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක්‌ ඇත

ඉර හඳ ඇසුවා ඇළදොළ දුටුවා
අතිනත ගෙන අප දෙඩූ කතාබහ
එනමුදු එදවස සඟවනු හැකිවේ
ඉරට හඳට ඇළ දොළට කතා බැහැ.

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.