මේ ගඟ ගලන්නේmee ganga galannee

Me Ganga Galanne

Lyrics

මේ ගඟ ගලන්නේ..
අඳුරු තුරු ගොමු අතරින්..
නේක රිදවුම් ඉවුරු බිඳිමින්..
දැනෙන මොහොතෙත් හැඩවෙමින්
මේ ගඟ ගලන්නේ 
නේක අවමන් විදිමින්...

ලෝකයෙන් ලද සරදම්..
නිහඬ ලය යට සඟවන්..
සසල සැඩ රළ නිසල කර කර
ගඟ ගලයි සංවේගෙන්..//

මේ ගඟ ගලන්නේ...

ඔබට දුන් මේ සිහිලැල්..
නැවත ලැබුවේ ගිනිදැල්..
ඔබගේ නෙතු අග කඳුළු දුටුවම
ගඟ ගලයි සංවේගෙන්..//

මේ ගඟ ගලන්නේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.