Lyrics
මේ ගං ඉවුරේ අප හමුවුණුදා
පෙම් සිහින නෙලා මට දුන්නා
ඒ සිහින තියා යළි ඔබ එනකම්
තව මගම බලාගෙන ඉන්නා
දහසක් පැතුම් වෙයිදෝ සුසුම්
කිසිදිනක හෝ යළි නාවොතින්
කඳුළැලි නෙතින් සඟවා කියා
කාටත් හොරෙන් හෙලමි සුසුම්........
හමනා මද සුළඟක් හරි සීතයි
තනි වූ ගං ඉවුරේ මට පාළුයි
(මා තනිකෙරුවේ ඇයි මා තනිකෙරුවේ
නැතිදෝ මට තාමත් ආදරේ.....//)
සැමදා ගං ඉවුරේ තනියෙන් මා
ඔබ මා ගැයු ගී වැල් මුමුණන්නම්
(මේ ගං ඉවුරේ හමු වූ ගං ඉවුරේ
සොයමි සැමදාමත් ආදරේ.......//)
මේ ගං ඉවුරේ......