මේ දුක නොසිතූ සේmee dhuka nosithuu see

Me Duka Nosithu Se

Music:
ෂේනුක එච් පීරිස්sheenuka ech piiris
Lyrics:
අකලංක ගුණරත්නakalanka gunarathna

Lyrics

(මේ දුක නොසිතූ සේ හිත දවනවා
නෑ ඔබ යළි එන්නේ මගේ පණ වෙලා...//)
නොමැරී මැරී මේ භවේ දින වරු ගියා
ඔබ එයි සිතා...

හැම දුකක මේ හිත සනසා ළඟ උන්නා පහු කර බාධා
සිතුවේම නෑ යයි කියා මග හැරලා සසරින් එහා
කඳුලක් තියා...

මේ දුක නොසිතූ සේ හිත දවනවා
නෑ ඔබ යළි එන්නේ මගේ පණ වෙලා...

මේ අහස දෙදරා හැඬුවා ඔය දෑස සදහට ගියදා
පෑ හුළඟ බොල් වී ගියා මේ තනිය හුරු වූ නිසා
ඇසුරෙන් එහා....

මේ දුක නොසිතූ සේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.