Lyrics
මේ දෑස දුක් විඳියි හැමදාම ඉකිබිඳියි
උහුලන්න බෑ මේ හැටි
අපි හැම රෑක ගුලි වෙවී මැව් හීන බොඳ වෙවී
යනවාද කඳුලින් පෙගී //
උරතල වැලපුනේ ඔබ නැතිව ලතැවුනේ
ඔබෙසුවඳ තාමත් ලයේ
මා වෙත පෑ සෙනේ අන් හිතක ඉපදුනේ
ඒ කොහොම පවසන් ප්‍රියේ
මේ කඳුළු ගංගා නෙත් කවුළු රිංගා
හද පතුලෙමයි හැංගුනේ
ඔය ඇස් දෙකම ඉඹලා කිව්වාම දිවුරා
මා හිතුවේ මගේමයි සඳේ
මේ දෑස දුක් විඳියි ....
මිරිඟුවට රැවටිලා ඔය හීන මත්වෙලා
අන්සතුය ඔය මල ළඳේ
හිත මාගේ පාරලා ඔහු තුරුළු බෝවෙලා
අමතකද මා ලඟ සෙනේ
මේ කඳුළු ගංගා ....