මේ භවයෙදි මුලු දිය දායෙmee bhawayedhi mulu dhiya dhaaye

Me Bawayedi

Lyrics

මේ භවයෙදි මුලු දිය දායෙ
එකතු නොවනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ...

මේ භවයෙදි මුලු දිය දායෙ
එකතු නොවනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ...

ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ.
අවසන මුල වේ ළතැවිල්ලේ
ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ල
අවසන මුල වේ ළතැවිල්ලේ.
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ.

මේ භවයෙදි මුලු දිය දායෙ
එකතු නොවනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ.

සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පස රළ ලුහු බඳිනු බලා
සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පස රළ ලුහු බඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
පැතුම් සඳුන් හද ගලෙහි උලා.

මේ භවයෙදි මුලු දිය දායෙ
එකතු නොවනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ.
මේ භවයෙදි මුලු දිය දායෙ
එකතු නොවනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.