මේ අයුරින් අපි සංසාරේmee ayurin api sansaaree

Me Ayurin Api Sansare

Music:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

මේ අයුරින් අපි සංසාරේ 
ආදරයෙන් හමුවෙන්න ඇති…..
මේ අයුරින් අපි දවසක් දා 
සසර මඟදි වෙන් වෙන්න ඇති

සාලිය මාලා පෙම් බැදි දා මම 
සිටු කුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ 
මේ ලෙස මට රිදවන්න ඇති....

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය 
පුදසුන මත පරවෙන්න ඇති 
සාගර ජලයත් මදි හැඬුවා මම 
ඔබ හින්දා ඔබ දන්නේ නැති.... 

ආත්ම ගණනේ ඔබේ පය පාමුල 
මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයචනයට 
අද මෙන් ඔබ හිනහෙන්න ඇති….

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.