මේ අත් භවේ පුරාmee ath bhawee puraa

Me Ath Bhawe Pura

Music:
ප්‍රියා සූරියසේනpriyaa suuriyaseena
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

මේ අත් භවේ පුරා
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා

රහසින් කියන්නත් බෑ ළඳේ
දෑසින් කියන්නත් බෑ ළඳේ
ඉඟියෙන් කියන්නත් බෑ ළඳේ
ලොව මිනිසුන් බලා හිඳී

ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා

අහසේ අඳින්නත් බෑ ළඳේ
පොළවෙහි ලියන්නත් බෑ ළඳේ
හඬගා කියන්නත් බෑ ළඳේ
අසරණ වී ඔහේ ඉමු
අසරණ වී ඔහේ ඉමු ඒ නිසා

මේ අත් භවේ පුරා
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ 
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.