මේ ඇස් ඔයාmee aes oyaa

Me As Oya

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
සජීක ජයසිංහsajiika jayasinha

Lyrics

ඉපදුනත් මේ භවේ තනිකඩයි තාම මං 
ඔබ කොහේ හෝ ඇති ඉපදිලා මා නමින් 
එනමුත් නෑ තවත් දුටුවෙ මගෙ රත්තරන් 
මිය යන්නට කලින් එන්න මා වෙත දුවන්

(මේ ඇස් ඔයා දැකලා ඉතින් 
හෙට උනත් මට ඇති මැරිලා ගියත්)..//

අම්මා ගෙනා යෝජනා 
එකිනෙකට මා බෑ කියා 
මට මැවූ කෙනා එනතුරා 
මම ඉන්නවා තනි වෙලා

(මේ ඇස් ඔයා දැකලා ඉතින් 
හෙට උනත් මට ඇති මැරිලා ගියත්)..//

ආදරය මා සොයනා 
කාලය යනවා පියඹා 
හෙට මං ගියත් මියැදිලා 
මතු භාවයේ හමුවෙමු පතා

ඉපදුනත් මේ භවේ....
මේ ඇස් ඔයා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.