මේ ඇස් දිහා බලන්mee aes dhihaa balan

Me As Diha Balan

Lyrics

මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද… ම ඔබේද….
අපි අපේද කියලා…
දැන්වත් කියන්න මගේ රත්තරන්….

පැහැදු නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙහදක් ගොළුව උන්නා…
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ…
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ…
දැන්වත් කියන්න මගේ රත්තරන්….

කදුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනිකරවා
සිල් ගත්ත සිත නවතා
ඔබ දෑත වෙත ඇත පෑවා….
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ…
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ…
දැන්වත් කියන්න මගේ රත්තරන්….

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.