මේ අපේ අවසානයයිmee apee awasaanayayi

Me Ape Awasanayai

Music:
රොෂේන් වලිසුන්දරrosheen walisundhara
Lyrics:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

Lyrics

මේ අපේ අවසානයයි ආදරේ මෙතැනින් නිමයි 
නොහඬා කඳුලු සඟවා අපි අපෙන් දැන් සමුගමු 
ආදරේ නාමෙන් මතූ මේ භවේ මට අහිමි වූ
නුඹගේ වෙන්න පෙරුමන් පුරමි ජීවත් වන තුරූ 

(මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ  
මතු සසරෙ කවදාක හරි හමුවෙමූ)..//

වෙනස් වෙන්නෙ නෑ මේ හදවතේ ඇති ආදරේ 
මගේ හිත සොයන්නේ නුඹවමයි හැම තත්පරේ   
නොලැබෙනා බව දැනත් ආදරේ අහසත් තරම්
මේ හිතේ නිධන් කෙරුවා ආදරේ මහිමයෙන් 

(මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ  
මතු සසරෙ කවදාක හරි හමුවෙමූ)..//

අහිමි වෙන්න දේකුත් නෑ තවත් මගෙ ජීවිතේ 
මගේ කියලා හිටියෙත් ඔයා විතරයි පෙර දිනේ 
තනිකඩයි තවම මං නුඹට පමණයි ආදරේ
නුඹේ නාමෙන් දිවි පුදන්නන් ආදරෙයි වස්තුවේ 

මේ අපේ අවසානයයි....

(මේ ආත්මයේ අපි අපෙන් වෙන් වෙමූ  
මතු සසරෙ කවදාක හරි හමුවෙමූ)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.