මේ අහල්ලාmee ahallaa

Me Ahalla

Lyrics

චිත්‍රපටය : බඹර පැටික්කි (1984)

මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ 
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ 
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ

අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා 
මේ මාසේ පෙම් කරන්නකෝ 
අනාගතේ පේනා අර horoscope ඕනා 
පොඩ්ඩක් තව කෙට්ටු වෙන්නකෝ 
horoscope ඕනැ නෑ පර්ස් එකයි ඕනැ මට 
පොල් වත්තක් අරන් දෙන්නකෝ      
අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා 
මේ මාසේ පෙම් කරන්නකෝ 

(පියලි කැඩීලා වැටුනා නෑඹුලු සමන් මලේ 
කූඩුව කැඩී ගියා වැදී සුලං සැලේ
වැදී සුලං සැලේ)...//   
(මනුසතා ලෝකේ ඉපදී මංමුලා වුනා මගදී 
හරි කියා කලේ වැරදී හෙට වගේ ලඟදි දිනකී)...//

මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ 
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ 
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ

(කෝටු කෑලි සොයාලා පරඞල් කොළ ගෙනල්ලා 
තාලයකට කියාලා පොඩි කුරුළු ගෙයක් සදාලා  
පොඩි කුරුළු ගෙයක් සදාලා)...//
කැදැල්ලේ උන් කිරිල්ලි අන්න ගියා ඉගිල්ලී 
ළමෝ ළපටි උදම් වී 
අර ගයා නටති මගුල් ගී 

මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ 
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ 
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ

(ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා 
භාර උනා ප්‍රාණ හතක් මගේ අම්මපා)...// 
අයියෝ මගේ සීනි බොලේ 
වින්දා වූ දුක් මේ දවාලේ 
එන්නකෝ මාගේ ප්‍රනාමේ 
නැලවෙන්න මාගේ තුරුල්ලේ 
(oh my sweety 
මගේ හුරුබුහුටී)...//
අනේ පනේ මාව දාලා යන්න නම් එපා 
අම්මප යන්නෙම නම් නෑ 

මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ 
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ 
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ

අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා 
මේ මාසේ පෙම් කරන්නකෝ 
අනාගතේ පේනා අර horoscope ඕනා 
පොඩ්ඩක් තව කෙට්ටු වෙන්නකෝ 
horoscope ඕනැ නෑ පර්ස් එකයි ඕනැ මට 
පොල් වත්තක් අරන් දෙන්නකෝ      
අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා 
මේ මාසේ පෙම් කරන්නකෝ 

අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනා 
මේ මාසේ පෙම් කරන්නකෝ 
අනාගතේ පේනා අර horoscope ඕනා 
පොඩ්ඩක් තව කෙට්ටු වෙන්නකෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.