මේ ආදරේ දෝmee aadharee dhoo

Me Adare Do

Music:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
Lyrics:
සිතුමිණි මැද්දෙගොඩsithumini maedhdhegoda

Lyrics

ලස්සන තරුවක් අහස් මායිමේ
හිත අස්සට හැඟුමක් ගෙන ආවේ
ඇස් නවතියි ඇගේ හිනාවේ
හිත නවතියි අපේ කතාවේ

මේ ආදරේ දෝ
හීන කතාවක් දෝ
මට වාගෙම ඔය හිතටත් දැනේදෝ
එනවාදෝ
තුරුල් වෙනවාදෝ
හිත මැව්ව හිනේ මට දෙනවාදෝ

රතු දෙකොපුල් ඉඟි කෙරුවා රහසේ
මේ ගැහෙන හැඟුම් හිත පැහැ ගැන්වුයේ
කොහෙදෝ ඉඳන් ආව දඟකාරී
තිස්සෙම හිත අද්දර ගැවසෙන්නී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.