මායිම් ගමේmaayim gamee

Mayim Game

Lyrics

මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමය නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී  

යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද
තල් ගස් වල කරටි නැතිව තල් කිරි රස තවම නැතිද
ජිවිතයේ උරැමය මරණය බෙල්ලෙ බැඳන් ඉඳීද
යාපනයට ඇවිත් යන්න අපිටත් පිං ලැබෙයිද
අපිටත් පිං ලැබෙයිද

පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුඹ බයයිද
කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැරිද
වවුනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න
කොළඹ පැත්තේ ඇවිත් යන්න නුඹටත් පිං ලැබේද
නුඹටත් පිං ලැබේද

මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.