මයෙ මැණිකmaye maenika

Maye Manika

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

මේ දෑස හඬවන්න හයියක් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
ගිය අයුරු අමතකද මියගිය ලෙසේ...

මැරුණත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික...

නපුරු වී ඔයා කරපු චෝදනා බොරු නිසා
වැරදි නැති මාව මෙලොවේ 
වැරදිකරුවෙක් කළා
ඒ තරම් වේදනා කිසිදිනේ 
උහුලලා නැති නිසා රිදෙනවා හදපුරා...

මැරුණත් මම මතු...

ඔබේ ළඟ දැකපු හීනය වෙන දෑතක් ළඟ
ඉෂ්ඨ කරගන්න නම් නෑ උවමනාවක් මට
ඒ තරම් වේදනා කිසිදිනේ උහුලලා නැති නිසා
රිදෙනවා හදපුරා...

මේ දෑස හඬවන්න....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.