මායම්කාරිmaayamkaari

Mayamkari

Music:
උදය ශ්‍රී වික්‍රමසිංහudhaya shrii wikramasinha
Lyrics:
උදය ශ්‍රී වික්‍රමසිංහudhaya shrii wikramasinha

Lyrics

මායම්කාරි මාගේ මායම් දැල් එලා මේ කෝලම් අඩි තබාලා
සායම් හීනෙකින් මා සිත්තම් කර දමලා වන්නම් නට නටාලා
හර්දේ මා මාළිගාවේ දැන් රඟන්නී තමා මා දෑස මන් මත්වෙලා
ආයේ මා ස්වප්න සාගරයේ සරන්නී තමා ආලේම වත්තම් වීලා

සත්තම් සෙනෙහෙන් හනික ගෙත්තම් කරමින්
ශෘන්ගාරේ මා ගිල්වාලා
සින්නක්කරමින් හාදු වැස්සක් ඉසිමින්
නුරා ගින්නේ දමාලා

මා පෙම්බැඳි විසෙන්තී පෙන්නා රන් සරාගී බැල්මන් තව හෙලන්නී
කෝලව ගී ගයන්නී අනුරාස්වර වයන්නී බන්ධන කර පෙළන්නී
සැංගී මා ළයතුරේ හද කිතිකවන්නී තමා මා පපුතුරම කලඹාලා
පන්නා මා කල් බලා එසැණින් සොයන්නී තමා දෑතේ මගේ සතපාලා

සත්තම් සෙනෙහෙන්...

RAP :
නිතඹ සලන රැඟුම දැක්වනම
ගැස්සිල සලිත වුණු මගෙ හදම
ගින්නක සට සටම ගාලා දැන් දැවෙන
අන්දම දරුණුවටම දැනෙන ලෙසටම
රාගය වැක්කෙරෙන දෑසම නේදෝ
ශෘන්ගාරේ උතුරා යන තොල්පෙති නේදෝ
සර්වාන්ගය දවන යාමය නේදෝ මේ දැන්
ගන්න මා තුරුලට ළමැදේ සුව කෝ
ඉඟි බිඟි පෑ ලෙසට කෝලම කළ දෙසට
කිංකිණි මිණි හඬට වැදුනා මගෙ හිතට
ඉක්මණ්කරගන්නට දෑතම ගෙන කරට
හනිහනිකට වැළඳ කැන්දන් දැන් යන්නට
දිවියම වසඟයට දැන් ගන්නවදෝ
අනුරා අඩව්වෙන් මා සිරකරනවදෝ
පෙම් බැම්මෙන් ගැලවෙන්න බැරිවම යයිදෝ මා දැන්
මායම්කාරී බව දැනගෙන හසුවෙයිදෝ

මායම්කාරි මාගේ....
සත්තම් සෙනෙහෙන්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.