මායා මගේ හිත වටකරmaayaa magee hitha watakara

Maya Mage Hitha Watakara

Lyrics

මායා මගේ හිත වටකර සැරිසරනා මායා
ඒ මායා නසා මල් උයනක් මවා
පිදුවේ ඔබටයි බැතින් මා

ඔබගේ ලොව ලතැවුල් නැත සීමා
මා වට හසරැල් විසිරෙනවා //
ලතැවුල් ඔබේ පවනක් ලෙසේ
අත ගන්නම් මේ ආදරේ

මායා මගේ ......

නිල් ගහකොළ උස් කඳු වැටි පීරා
ඔබ මට වන විහගෙකු වෙනවා //
ගීයෙන් ඔබේ සැනසී මෙසේ
පිළිගන්නම් මේ ජීවිතේ

මායා මගේ ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.