Lyrics
මව්බිම උණුසුම විඳින්නෙමී මම සිතින්
සුන්දර ලක්බිම සිහිවෙනවා මට නිතින්
අනුරපුරේ රන්වැලි සෑ මළුවේ
සිරිමා බෝ මැඩ සිහිලැල් සෙවනේ
මොහොතක් ඉන්නට පෙරුම් පුරනවා හදින්//
පුංචි පුතේ නුඹ පින්වත් දරුවෙකි
උපන් බිමේ මහිමය දන්නා
ලෝකයේ කොතැනක ඔබ සිටියත්
දෙවියන් මා පුතු සුරකින්නා//
තුන්සිය හැටපස් දවසේ
එක සේ වසනට රිසි සේ
පින් ඇති පින්වත් මව්බිම ලංකා
නමදිමි බැතියෙන් සතොසේ//
ලොව බබලන උගතෙකු වී මතු දවසේ
ලක් මෑණිගෙ තුරුලට එන්නට සුවසේ
ආසිරි පතනෙමි ගුරු පෙම සිතෙහි දරා
රකිනට මව්බිම හද බැතියෙන් සැමදා//
මව්බිම උණුසුම විඳින්නෙමී මම සිතින්
සුන්දර ලක්බිම සිහිවෙනවා මට නිතින්…