මැවිලාmaewilaa

mawila

Music:
දිලූ බීට්ස්dhiluu biits

Lyrics

සිතුවිලි හාරනා
මතකය පාරනා
නුඹ පෙර කාරණා ගෙනා
නීරස චේතනා
ඒ රුව වේදනා
සිහිනෙක ඈ සිනාසෙනා

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා

එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා

මේ හුලඟ තාම එහෙමමයි
ගහ කොල තා එහෙමමයි
වෙනස් අපි දෙන්නා කන රහ තමයි
මගෙ නිදහසට වූ තහනමයි
මා හා වෙසෙන්න අමාරු
හිත කියවිය හැක මූනෙන්
දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි

එපිටට සීමාවේ තනිවුන වේලාවේ
දැන් මට පේන තරම්
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
දැනුනද ඕන තරම්
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.