Lyrics
මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ
මල් මැව්වා ලොව මැව්වා ඉරයි හඳයි සේ //
හඳපානේ ඉකි බිඳ බිඳ
නිදිවැරුවා දරු නොදනී
හිරු පානේ දුක් විඳ විඳ
බත් සෙව්වා දරු නොදනී
මවයි පියයි ඉරයි සඳයි සේ //
මවයි පියයි ...
මවු සෙනෙහස අහස වැනිය
දන් දුන්නා දරු නොදනී
පිය සෙනෙහස සයුර වැනිය
දන් දුන්නා දරු නොදනී
මවයි පියයි ඉරයි සඳයි සේ //
මවයි පියයි ...