මවගේ දෙතනේmawagee dhethanee

Mawage Dethane

Music:
විජේසුන්දර වේරගොඩwijeesundhara weeragoda
Lyrics:
පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිpujya aellee gunawansha himi

Lyrics

මවගේ දෙතනේ කිරි බී සුවඳින් පිරුනු 
මුවඟින් කිසි දිනෙක රහමෙර හෙම නොබොනු 
සුවදැති මල සේ නුඹ මේ දෙරණට පිපුනු 
මගෙ රන් පුතේ ඔය වස විස හෙම නොබොනු 

මලක් ලෙසින් රැකගෙන හැදු මගෙ පුතුනී 
දහක් පැතුම් මා හද තුල තැබූ පුතුනී 
මතින් වෙලී නොමඟට වැටිලා පුතුනී 
මගේ නෙතට කඳුලක් නොම දෙන් පුතුනී 

මවගේ දෙතනේ කිරි බී......

මළත් කිමැයි මා දැය දිනුවොත්ම පුතූ 
සැපත් එයයි මට අද මෙන් දිනෙක මතූ 
රහක් මෙරක් බිව්වොත් හෙම මගෙ පුතූ 
අනේ කෙලෙස වාවගම්දෝ ම සිතූ 

මවගේ දෙතනේ කිරි බී සුවඳින් පිරුනු 
මුවඟින් කිසි දිනෙක රහමෙර හෙම නොබොනු 
සුවදැති මල සේ නුඹ මේ දෙරණට පිපුනු 
(මගෙ රන් පුතේ ඔය වස විස හෙම නොබොනු...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.