මාව මග හැරියට (දිවුරන්න බැහැ නේද 2)maawa maga haeriyata (dhiwuranna baehae needha 2)

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
රේරූreeruu

Lyrics

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ
මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ
නුඔ එහෙම කෙරුවට මම එහෙම කෙරුවේ නෑ
මගේ තනි හිත යට වචන දෙකකුත් නෑ
කාගේ කාගේත් හිත් දෙකඩ වුනා
මං නිහඬ වුනා

ජීවිතේ පුරා
මගෙන් ලැබූ සමා
ඔබේ හදින් පවා
නොලැබේ කිසිම දා

හිත දහ අතේ නුඹ හිතුමතේ
රිදවුම් නොවේ අඩුවක් නැතේ
හිත බිදිනවා නොවෙයි
ඇස් ඇරෙන්නට නුඹේ
මා යලිත් නොඑන්නයි තීරණේ

ජීවිතේ පුරා....

මට හිමි නැතී ලෝකෙක ඔහු ඇති
සැකයක් නැතී නුඹ රැවටී ඇති
හිත බිදිනවා නොවෙයි
ඇස් ඇරෙන්නට නුඹේ
මා යලිත් නොඑන්නයි තීරණේ

මාව මග හැරියට....
ජීවිතේ පුරා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.