මාව අමතක කලාටmaawa amathaka kalaata

Mawa Amathaka Kalata

Lyrics

මාව අමතක කලාට 
වෙන කෙනෙකු වෙත ගියාට 
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කදුලකට ...//

අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා 
ඔබ ගැන මුලු ලොවටම කී දේ මුසාවක් වෙලා 
පිවිතුරු මගේ ආදරේ සැමටම විහිලුවක් වෙලා 
අන් සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

මාව අමතක කලාට...........

ආදරයයි කදුලයි සුසුමයි හදට හිරකරන් 
මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන් 
සිත් බිඳිලා තන්වුණු මං වගේ හඩන පෙම්වතුන් 
ආදරයක් නැතිවුණ කෙනෙකුට සිනහ නොමවෙයන් 

මාව අමතක කලාට.........//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.