මතු සසරේmathu sasaree

Mathu Sasare

Music:
දුලීකා කෝදාගොඩdhuliikaa koodhaagoda
Lyrics:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

Lyrics

හිම කැට වර්ෂා වහින තුරා කළුවර මේ අහස පුරා
පායා ඇති සඳ පරදවනා දෙවඟනකි මට ලැබෙනා
(මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා....//)

සියුම් සිනිඳු මල් රොදක් වගේ ඔබේ ළමැද විඳනා
අකීකරුයි අද හිතත් මගේ ඔබේ පහස විඳිනා
මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා....

පෙමින් වෙලුණු මන්දිරේ ඔයා මගේ බිසව උදා
සිනා කඳුළු නෙතු අගට වෙලා සතුටු වුණා මා
මතු සසරේ නැවත ඔයා මේ අයුරින් මට හිමිවේවා....

හිම කැට වර්ෂා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.