මතක වැස්සේmathaka waessee

Mathka Wasse

Music:
සුලෝචනා රාජපක්‍ෂsuloochanaa raajapaksha
Lyrics:
සුලෝචනා රාජපක්‍ෂsuloochanaa raajapaksha

Lyrics

මතක වැස්සේ  තෙමිලා හදවත ගැස්සේ 
ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ
හිත මගෙ පාරාලා පාළු වසන්තේ 
කොහොමද වාවාලා මා හැර යන්නේ 
මතක වැස්සේ  තෙමිලා හදවත ගැස්සේ 
ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ

පෙනෙන මාරුව අඩුවී දෝ 
ගලන සෙනෙහස මදිවී දෝ 
තුරුලුවී මාගේ උණුහුම ඉල්ලන රෑ
අහසටත් නොකියා හැර ගිය මගෙ තරු කුමරා

මතක වැස්සේ  තෙමිලා හදවත....   

අලුත සුලඟක වෙලුනා දෝ 
මිදුනු දා මා සිහිවේදෝ
හැඟෙනවා මාගේ ප්‍රේමයේ තරම හොඳා 
ලෝකෙටත් නොකියා නොයෙනා දුර මා යනවා 

මතක වැස්සේ  තෙමිලා හදවත....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.