Lyrics
මාතර මූදූ වෙරලෙ හමනා සුළඟක්
ආදර සුවඳ දැනෙයි මට හැමදාමත්
ඈතට ගිය නුබ ගැන කොපමණ හැඬුවත්
මා ඔබ මුණ නොගැසෙයි මතු කවදාවත්...//
අනාගතෙ ගැන දහසක් ප් රාර්තනා පුරපූ
මා ඔබෙමයි හැමදාමත් දිවුරා මට කියපු
අද නෑ ඔබ මේ අසුනෙ මා ගාවම හිඳපු
මගෙ පාළුව තව හිතකට සතුටක් ඔබ පුදපු...
මාතර මූදූ වෙරලෙ හමනා සුළඟක්...
ආදර සුවඳ දැනෙයි මට හැමදාමත්
ඈතට ගිය නුබ ගැන කොපමණ හැඬුවත්
මා ඔබ මුණ නොගැසෙයි මතු කවදාවත්...//
ගෙවි ගියපු කාලෙ හැම මොහොතක් හිත දවපූ
අද තාමත් මා ළඟ මයි සෙනෙහස ඔබ දීපූ
අපි තරමට පෙම් කරනා කිසිවෙක් නෑ කියපූ
ඔබ නාවට ඇවිදින් හැම ඒ පෙරදා හිඳපූ...
මාතර මූදූ වෙරලෙ හමනා සුළඟක්...
ආදර සුවඳ දැනෙයි මට හැමදාමත්
ඈතට ගිය නුබ ගැන කොපමණ හැඬුවත්
මා ඔබ මුණ නොගැසෙයි මතු කවදාවත්...//