මාතලේ හැදුවා (මොට්ටු)maathalee haedhuwaa (mottu)

Mathale Haduwa (Mottu)

Music:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
Lyrics:
මදුරංග විජේසේකරmadhuranga wijeeseekara

Lyrics

මාතලේ හැදුවා මං ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු

සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
මොට්ටුවට මතුරල ඕංරීන් කට්ටු
මොට්ටු දී ඈ හට උන මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු

කටගැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

උන් දෙන්න වගුරනවා කඳුළු සතුටු
ඉතිරිවුනෙ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනව රැම්බො පාට්ටු

ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොණ්ඩය උනානෙ පොකුටු
තුන්වේල කන්නේ දාලා සීට්ටු 
(දැන් ඉතිං) හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු

කටගැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.