මතකේ තුරුල්ලේmathakee thurullee

Mathake Thurulle

Music:
ප්‍රමෝද් නාරායනpramoodh naaraayana
Lyrics:
තනුර විජේවර්ධනthanura wijeewardhhana

Lyrics

මතකේ තුරුල්ලේ දුර ඈත රහසේ 
සැඟවී තිබූ පෙම් කතාවක්
කාලෙකට පස්සේ නෙත් ගැටුණු පහසේ 
සැඟවී මැවේ තව වතාවක්......

නුඹේ සොඳුරු වතතුඩු සිත්තම් කළ මා අහසේ 
මට තාම මතකයි පාට ගෑවා දේදුන්නේ
ඔබේ ළයට තුරුල් වී මට ඉන්න ඇත්නම් ජීවිතේ
මුළු ලොවම හැරදමා හිඳින්නම් ඔබ එනකම්.......

මතකේ තුරුල්ලේ......

සුළඟක්ව ඇවිදින් මා සිහිනයේ ඔබ දැවටුණා
වළාවක සැඟවෙලා ඇයි ඈතට පාවුණේ
මල් නොදුටු වසන්තේ නුඹට හඬගසයි සොඳුරේ 
නුඹ දුන්නු මතකයේ රැඳෙන්නම් ඔබ එනකම්
අළු පාට සිහිනයයි මේ බොඳ වී තිබෙන්නේ
සෙනෙහින් හොරැහින් හඬගසන්නේ
මේ මා නුවන් සැඟවී මැවේ නුඹේ චායා......

මතකේ තුරුල්ලේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.