මතකේ හස‍රැල්mathakee hasarael

Mathake Hasaral

Lyrics

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවානම්
මා සොයා යළි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

මතකේ හස‍රැල් නැගෙන ‍රැයේ
දෙනෙතින් කඳුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැර දා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ

සිතකින් නොව අප දමා ගියේ
ඔබ ගැන සිහි වෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ
සමා වෙන්න කුමරාණෙනී

ඔබ හා මා යළි හමු වේනම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්...

මතකේ හස‍රැල් නැගෙන ‍රැයේ
දෙනෙතින් කඳුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැර දා ඇයිද ගියේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.