මතකයි හිත හැඩුවා එදාmathakayi hitha haeduwaa edhaa

Mathakayi Hitha Haduwa Eda

Lyrics

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුණදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා //
තුරුල් කරන් මගේ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ  මම ඔබට ආදරේ කළ තරම් //

හිතේ කොනක් හෙමිහිට හැඩුවා
තනිකම තනියට තනිමැකුවා //
ඔබ එන මගබලලා හඩනා නෙතු සඟවා
මගේ හිත කොහිදෝ තනිවූවා

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නවැතුනදා 

සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුවා //
හීනෙට තුරුල් වෙලා ඔබේ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

මතකයි හිත හැඩුවා .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.