Lyrics
මතකයන් රැගෙන ගං දිය රැළි
දුර සයුරක සැඟවීලා
විසල් තුරු හෙවන තවමත්
මල් පෙති බිම ඉහිරිලා
පිදූ මලක සොඳුරු සිහින
කඳුලින් නෙක තනි වෙලා
රඟහල මැද අඩ කවයක
අපේ කථා නැවතීලා....
හැඟුම් සිතුවිලි කවි පොතක් විය
සෙවන දුන් අහසේ
දෝරේ ගිය හැඟුමෙන් ගලා යයි
තවම හන්තානේ....
මතකයන් රැගෙන....
දෑත පටලා සැරිසරා ගිය
පියවරක් ගානේ
අහිමි කවියකි රිදවනා සිත
පුරුදු සරසවියෙ....
මතකයන් රැගෙන.....