මතකයmathakaya

Mathakaya

Lyrics

මතකය මෙලෙසේ මා ලග රැඳුනී
තනිව මම මෙසේ සෙනෙහෙන් බැඳුනී…

සිහිනෙන්වත් නෑ ඔබ එන්නෙ
හදවත ඔබමයි විමසන්නෙ
වැටෙනා මේ කඳුලැලි රහසේ
යලි නොඑනා බව පවසන්නේ...

රැයක සඳ සේ මා හමූවුනි
සඳේ එලියෙන් මලක් දිලුනි
දහක් තරු සඳ වෙත ඇදූනී
පියුම අඳුරේ තනිව නිවුනි
ඔබ නෑ මට යලි හිමිවන්නෙ
තරු ඇතිරිල්ලෙ සැතපෙන්නෙ
ශෘංගාරෙන් ඔබ මත් වෙන්නෙ
අඳුරට බිලි මල මියැදෙන්නේ...

විස කටු මෙන් දුක් ධාරා මේ හිත පාරා
යනවා හිත දෙකඩ කරන් අද විඳවමි මා සසර පුරා
නොපතමි ඔබෙ සෙනෙහස කිසිදා ආයෙත්
දෑසෙන් දුටු නුඹෙ රූපෙන් දිවුනා අද මගෙ හිත
අතීතයට පෙරදා ඔබ හා මා
සිටියේ කෙලෙසද පන මෙන් වූ ආලෙන්
සැමදා එලෙසේ ඔබ ලග රැඳුනී
තනිව මම මෙසේ සෙනෙහෙන් පිරුනී…

සිහිනෙටවත් නෑ දැන් එන්නෙ
විමසන්නට හිත නැහැ ඇත්තෙ
වියලුනු මේ නෙත් දෙක අතරේ
සේයාවක් ඔබ වද දෙන්නේ

හිස මම සිඹ දුන් හාද්දෙන්
පිවිතුරු ප්‍රේමෙන් නෑ කිසිද සැනසුනෙ
නුඹ නම් කල් ගෙවුනා සමග මෙමා
මා හැරදා යන්නට වූ සිතුවිල්ලෙන්
කාමෙන් මත් වුන වේශෙන්
ඇලුනා නුඹ යහන් මත සිල්බිඳ
සැපත සොයා ගිය නුඹ මා
දුටුවේ පරවුනු මලක් මෙන් සේ පැහැයෙන්...

මතකය මෙලෙසේ මා ලග රැඳුනී
තනිව මම මෙසේ සෙනෙහෙන් බැඳුනී…

සිහිනෙන්වත් නෑ ඔබ එන්නෙ
හදවත ඔබමයි විමසන්නෙ
වැටෙනා මේ කඳුලැලි රහසේ
යලි නොඑනා බව පවසන්නේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.