මතකයිද අද වාගෙmathakayidha adha waage

Mathakaida Ada Wage

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
දෙනුවන් පෙරේරාdhenuwan pereeraa

Lyrics

හා... හා... හා... 
මතකයිද අද වාගෙ 
දින ගැන්න ඒ කාලේ 
ලංවෙන්න පෙර මග බලා... 
ඒ මැව්ව හැම හීනෙ 
ගානේම ඉටු වීලා 
අපි ආදරෙන් ජයලබා... 

(මගෙ දිවියේ මට ලැබුණූ 
වටිනාම තිළිණේ ඔයා...//) 
ඒ බව දැනුනා දැනුනා 
මගෙ ලෝකෙ ඔබ කියලා... 

ඉහිරූ සිතිවිලි මාගේ 
එකිනෙක අමුණා ගෙත්තම් කළා 
ඔය රූ දසුනකි මාගේ 
හදවත පතුලේ සිත්තම් කළා 
අද ඔය දෑස මාගේ වෙලා 
දිවිය පුරා.. දිවිය පුරා.. දිවිය පුරා... 

මතකයිද අද වාගෙ 
දින ගැන්න ඒ කාලේ 
ලංවෙන්න පෙර මග බලා... 
ඒ මැව්ව හැම හීනෙ 
ගානේම ඉටු වීලා
අපි ආදරෙන් ජයලබා...

(මගෙ දිවියේ මට ලැබුණූ
වටිනාම තිළිණේ ඔයා....//)
ඒ බව දැනුනා දැනුනා 
මගෙ ලෝකෙ ඔබ කියලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.