මතක මං පෙතmathaka man petha

Mathaka Man Petha

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
රොඩ්නි විදානපතිරණrodni widhaanapathirana

Lyrics

මතක මං පෙත සුවඳවත් කළ
ඒ සොදුරු සිහිනේ
පරවිපත් ලැබ ඉගිලෙනා සඳ
සිහිනයක් නොව සැබෑවක්ම විය
ජිවීතේ ....

නිදිවරන රෑ
උණුසුම් සුසුම් පාවී අවුත් //
සවන්පත් ළඟ මිමිණුවා සෙනෙහසින්
නොමියෙනා රහසක් //

හෙට මතකයේ
වියැකී ගියත් ආ ගිය ගමන් //
සිතින් තවමත් විඳිනවා සෙනෙහසින්
නොනිමෙනා සුවඳක් //

මතක මං පෙත ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.