මතක ඇතීmathaka aethii

Mathaka Athi

Music:
අමිල මුතුගලamila muthugala
Lyrics:
ගිහාන් G3gihaan g3

Lyrics

ජීවිතෙන් මා පැතුවේ හැමදාමත් ඔබ විතරයි
දාලා යනකොට රිදුනේ මතකේ ඇති ඔබ ගැනමයි
හීන ගිනි ගෙන දැවුනේ හැම වචනෙන් මා රිදිලයි
වෙන් විලා හිත බිඳුනේ අපි කාගෙන්දෝ විමසයි 

(ඔබ දුන් දුකට වඩා නුඹ මට දුන් සතුට ඇතී 
මා අතහැරලා ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇතී)..//

ඔබ වාගේ කවුරුවත් ආදරෙන් ලං වෙවී 
මේ තරම් කාලයක් රිදවලා නැතුවැති 
අත පාන තැනයට මං කිසිදාක නොවැටෙමී 
විඳවන්න හේතු නම් නොතිබුනා මත් නොවේ  
හැම රැයක් නුඹ මත්තේ මැරෙනා හින්දා 
හීනෙන් ඇහැරෙනවා හැමදාමත් 
(ඔබ දුන් දුකට වඩා නුඹ මට දුන් සතුට ඇතී 
මා අතහැරලා ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇතී)..//

විඳවනා හින්දා මං ඔබව සිහිපත් වෙවී 
විඳිනවා තව තවත් හිත පතුලේ දුක පිරී 
ඉන්නේ සතුටින්ම නම් මාව අමතකමවී 
හේතුවත් එයම දැයි අවසන් ටිකක් හරී 
 
හැම රැයක් නුඹ මත්තේ මැරෙනා හින්දා 
හීනෙන් ඇහැරෙනවා හැමදාමත් 

ජීවිතෙන් මා පැතුවේ හැමදාමත්....

(ඔබ දුන් දුකට වඩා නුඹ මට දුන් සතුට ඇතී 
මා අතහැරලා ගියත් ජීවත් වෙන්නට ඒ මතක ඇතී)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.