මත් මල් සේනා පාවේ පාවේmath mal seenaa paawee paawee

Math Mal Sena Paawe

Lyrics

මත් මල් සේනා පාවේ පාවේ
දැසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ
සෙනෙහෙ සුවසේ මා
ලා ඉරේ රන් ගැවිලා
සදා ස්නේහයේ මල් වැහි වැහුනා

පිපි හාදු සුළගේ මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සද රේණු යායේ මුදු සීන පෙලුනේ
ලං වෙන්නමයි නෙත් පියා
උදා වේ මා සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා වැහි තීරේ

ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන්යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ කවී ගීත මැවුනේ 
දෙතොලේ සුසුම් උතුරලා 
උදා වේ මා සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා වැහිතීරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.