මටත් වඩාmatath wadaa

Matath Wada

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
විමලක මුහන්දිරම්wimalaka muhandhiram

Lyrics

මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
පිරුණා මුළු හිතම...
අළුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියාගන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න...

දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා
පැතුම් නෙළා හිත අස්සේ ගෑවා//
මටත් හොරා මගේ හිත හදපු නිසා
තුරුල් වුණා සතුටේ මල් පිපිලා...

අදත් මගේ හැම සුසුමක් පාසා
මං ගැන කිව්වේ කොහොමද මන්දා//
මටත් මගේ ලෝකය නුඔ හින්දා
හුස්මක් ගානේ නුඹවම දැනුණා...

මටත් වඩා මං....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.