මටත් තිබුණා හිතක් ඉස්සරmatath thibunaa hithak issara

Matath Thibuna Hithak Issara

Music:
ජෝජ් සේනානායකjooj seenaanaayaka
Lyrics:
එරංග මදුශංකeranga madhushanka

Lyrics

මටත් තිබුණා හිතක් ඉස්සර
තවම මතකයි අද වගේ පෙරදා
මගේ හිතටත් වඩා වැඩියෙන්
නුබට විතරක් ආදරේ කරනා
නිහඩ ප්‍රේමය මතකයක් විතරයි
නුඹට අමතක වීම හරි පුදුමයි... 

තියුණු කටු හිත පතුල මානේ
ඇනි ඇනී එක දිගට වද දුන්නා
රිදුම් දෙන වාරයක් ගානේ
පසුතැවෙන හිත නුඹ ලගින් උන්නා...

මටත් තිබුණා හිතක් ඉස්සර...

මගේ නොවනා හිතක් මත්තෙම 
හිත හිතා හුග කාලයක් ගෙවුනා
⁣ගෙවුනු මොහොතින් මොහොත පාසා
සිය වතාවක් මගේ හිත මැරුණා...

මටත් තිබුණා හිතක් ඉස්සර...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.