මටත් හොරෙන්matath horen

Matath Horen

Lyrics

මටත් හොරෙන් මගේ හිතේ
මියුරු හැඟුම් පිබිදූ
කවුරුද නුඹ කවුරුද නුඹ
වැටහෙන් නැති නමුදූ
පෙර සසරේ නෑකමක්ද
මේ හැටි හුරු පුරුදූ

රෑ අහසේ තරු ගනිමින්
පලදා මුතු පබලූ //
ළගින් ඉන්න මට ඇත්නම්
පිසදා නෙතු කඳුළු

සිත් යා වූදා හැඟුමන්
නිම නොදනිමි ගැඹුරු //
නුඹ ඇති තැන මගේ ලෝකය
ඇයි මේ තරම් සොඳුරු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.